Thursday, February 27, 2025

General line - 0115112241

රුසියානු ජනපති අද උතුරු කොරියාවට



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා දෙදින සංචාරයක් සඳහා  උතුරු කොරියාවට යාමට සූදානම් බව ක්‍රෙම්ලීනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසරේ සිදු වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ රුසියානු සංචාරයේදී සිදු කෙරුණු නිල ආරාධනයකට අනුව රුසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

රුසියානු ජනාධිපතිවරයාගේ උතුරු කොරියානු සංචාරය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව ඇති බවද  විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.