මෝටර් රථයක් ගැටී පිපිරීමට ලක්ව තිබූ කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයේ පිලිසකර කිරීම් කටයුතු අවසන් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම නළ මාර්ගය ඔස්සේ ජලය සැපයීම මේ වන විට සිදු වන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
පුපුරා ගිය නළය පිළිසකර කිරීම අවසන් වන විට ඊයේ මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතත් ඉහළ ජල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් ඊයේ දිනය තුළ ජල සැපයුම අත්හිටුවා ඇති ප්‍රදේශවලට මේ වන විටත් ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේයි.
ඇතැම් ප්‍රදේශවලට තවමත් ජලය නොලැබෙන බවද වාර්තා වුණා. අද දහවල් වන විට මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ.