Thursday, February 27, 2025

General line - 0115112241

ව්‍යවස්ථාව අනාගතයට ගැලපෙන ආකාරයට නැවත සංශෝධනය කළ යුතු බව වනවාසී රාහුල හිමියන් කියයි

තිසර සමල්- අනුරාධපුර    



මේ රටේ  ව්‍යවස්ථාව වර්ථමානයට, අනාගතයට ගැලපෙන ආකාරයට නැවත සංශෝධනය කළ යුතු බවත්  රට සංවර්ධනය කරන්න නම් මේ 225 වියදම් කරන අනවශ්‍යය වීයදම් සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව වනවාසී රාහුල හිමියන් පවසනවා 

නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික නාමල් උයනේදී පැවැත් වූ මාධ්‍ය සාකච්ජාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

" දැන් ඡන්දය කිට්ටුයිනේ, 

ඒ නිසා දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි මහන්සි වෙලා දැන් රැස්වීම් තියනවා, 

සම්මේලන තියනවා, විවිධ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන්, කෝටී ගණන් වියදම් කරලා විවිධ ක්‍රියාදාමයන් මේ වන විට බහුලව සමාජය තුළ දකින්න තියෙනවා.

ඔය සම්මේලන සාකච්ජා තියෙන ඒවා ඔක්කෝම අනවශ්‍යය වියදම්, 

ඒතකොට ඒ මිනිස්සුන්ට කන්න දෙන්න ඔ්න, බස් වලට සල්ලි දෙන්න ඔ්න, මත්පැන් දෙන්න ඔ්න, සමහර විට සමහර අය මුදල් පවා ලබා දෙනවා, 

රුපියල් 5000 ක කෑලී ලබා දෙනවා.එහෙම මට්ටමකුත් මේ සමාජය තුළ දැන් ගොඩනැගිලා තියෙනවා, දේශපාලඥයින්ට ජනතාව ලඟට යන්න බැරිව තිබුණා, 

දැන් ක්‍රමවේද හදාගෙන තියෙනවා.ඡන්දයක් ඔන්න මෙන්න කියලා තියෙනකොට විතරයි මේ මිනිස්සුන්ට ඔක්කෝම මතක් වෙන්නේ.

හැම පක්ෂයකම දේශපාලඥයෝ කරන මේ අනවශ්‍යය වියදම් නැති කරලා මේ රටේ තියෙන සියලුම මාධ්‍ය ආයතන වලට එන්න කිව්වා, එක වේදිකාවක් හදා ගත්තා, එක් එක්කෙනා මෙන්ම මගේ ප්‍රථිපත්ති ප්‍රකාශනය, මෙන්න මගේ ආර්ථික සැලැස්ම, මෙන්න මගේ සෞඛ්‍ය ප්‍රථිපත්තිය, අධ්‍යාපනයට කරන්නේ මං මේවා, කියන එක කිව්වාම මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුලුවන්.

මේ වන විට පත්තර බලනවා හරි අඩුයි, 

රූපවාහිනිය බලනවත් හරි අඩුයිනේ, මේක විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනගත කරන්න පුලුවන්, තමන්ගේ ප්‍රථිපත්තිය, තමන්ගේ අදහස, තමන් බලාපොරොත්තු වන ඉලක්කය, තමන්ගේ දර්ශනය, තමන්ගේ ප්‍රථිපත්තිය, ජනගත කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන් අපේ රටේ තියෙනවා.

ඒ නිසා මේ රටේ දේශපාලඥයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ රටේ මිනිස්සුන්ගේ කාළය කන්නේ නැතිව, මුදල් විනාශ කරන්නේ නැතිව කටයුතු කරන්න.දේශපාලඥයෙක් එනවා කිව්වම රැස්වීමකට ආරක්ෂාවට එන පිරිස, ඊට අමතරව තව පොලීසිය දානවා, 

ඉතින් මේ අපේ රටේ සල්ලි නාස්ති කරන්නේ.ඔය දේශපාලඥයින්ගේ ගෙදරින් ගෙනවා සල්ලි නෙමෙයි.අපේ රටේ සල්ලි තමයි මේ නාස්ති කරන්නේ.ඇයි අපේ ඒක කරන්නේ.

අපි එහෙම කරන්නේ නැතිව , අපි කියමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ 10 දෙනාද, ඒ 10 දෙනා එකම වේදිකාවකට එනවා, තමන්ගේ ප්‍රථිපත්තියක්, දර්ශනයක්, ඉලක්කයක් තියෙනවා, දැක්මක් තියෙනවා, 

මේක මාධ්‍ය ඉස්සරහා කිව්වම මාධ්‍ය වල කාර්යභාරය තමයි , ඒ තුළින් ජනතාව දැනුම්වත් කිරීම හා ජනගත කිරීම.ඒ ටික කෙරුවාම ඔය වියදම් ප්‍රශ්න මුකුත් නෑ, 

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා බොරු සෙල්ලම් දාන්න එපා, කවුරු මොනවා කිව්වත් ජනතාව ඉන්නේ ලොකු වෛරයකින් දේශපාලඥයෝ එක්ක, 

මේ වෛරය පිරිමසා ගන්නට මිනිස්සු ක්‍රමවේදයන් හොයනවා.ඔය රැස්වීම් වලට ගියාට, ඔය සමුළු තිබ්බට, ඔය සම්මන්ත්‍රණ තිබ්බට මම හිතන්නේ නෑ විශාල ජයග්‍රහණයක් මේ රටේ කිසිම දේශපාලඥයෙකුට ලබන්න බෑ, 

ආණ්ඩුවක් පිහිටෙව්වත් පිහිටවන්න වෙන්නේ කැඳ හැළිය වගේ, අද විරුද්ධ පක්ෂයේ ඉන්න අය මේ රටේ අනවශ්‍යය පනත් වලට එදා අත උස්සපු මිනිස්සු.එහෙයියා කියපු මිනිස්සු දැන් ඒවාට විරුද්ධව කථා කරනවා.අපේ රටේ එක එක්කෙනාගෙන් කකුලෙන් අදිනවා, ජනාධිපතිවරයාගේ කකුලෙන් අදිනවා, අර පනතට විරුද්ධ වෙනවා, 

මේ පනතට විරුද්ධ වෙනවා, ඒ වගේ ක්‍රම‌ේවදයන් තියෙනවා, ඒකෙන් බැහැර වෙලා ජාතික ආණ්ඩු ක්‍රමයකට ගියහම රටට හිතවත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.මේ රටේ උත්තරීතර නීතී පොත තමයි ව්‍යවස්ථාව, මේ ව්‍යවස්ථාව වර්ථමානයට, අනාගතයට ගැලපෙන ආකාරයට නැවත සංශෝධනය කළ යුතුයි කියන එකයි මගේ අදහස.එහෙම සංශෝධනය කරලා කවුරුත් එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් හදන්න.

මෙච්චර පොරකාගෙන දේශපාලනය කරන්න මේ මිනිස්සු එන්නේ දේශපාලඥයොන්ට වරප්‍රසාද වැඩියි, 

ජේ.ආර් ජයවර්ධන මහත්තයා හදපු ව්‍යවස්ථාවේ කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන්න බෑ, පිරිමියෙක් ගෑණියෙක් කරන්න බෑ ඔච්චරයි.අනෙක් සියලු දේවල් මේකේ කරන්න පුලුවන්, මේ රටේ හිටපු  ජනාධිපතිවරු ඔක්කෝම නඩත්තු කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්, ඇයි එහෙම කරන්නේ, රජයට බැරිද ඒක අහෝසි කරන්න, 

ඒ වගේම දේශපාලඥයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා, ඒක අහෝසි කරන්න ඔ්න, රජයේ සේවකයෙක් විශ්‍රාම යන්න අවුරුදු 55-60 ක් යන්න ඔ්න, මේ මිනිස්සු අවුරුදු 05 න් විශ්‍රාම වැටුපත් ගන්නවා.පවුලට සියලු වරප්‍රසාදයන් හිමිවෙනවා, 

මේ වරප්‍රසාද ක්‍රමය මෙතනින් එහාට නැති කරන්න අවශ්‍යයි.මේ රට සංවර්ධනය කරන්න නම් මේ 225 වියදම් කරන අනවශ්‍යය වීයදම් සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි, 

කපා හැරිය යුතුයි.කපා හැරියම මේ රට සංවර්ධනය කරන්න පුලුවන් ණය ගන්න ඔ්න නෑ මේ රටේ තියෙන සම්පත් එක්ක.

මම යෝජනා කරනවා ජනාධිපතිවරයාට, දැන් ඩොලර් කෝටි බිලියන ගණන් ණය අරගෙන, දැන් ණය ගෙවන්න එපැයි, මේකට දැන් අවුරුදු ගානක ඉඳන්, චන්ද්‍රිකා මැතිණියගේ ඉඳලා, ඔය හැම දේශපාලඥයෙක්ම වගකියන්න ඔන  වර්ථමාන ජනාධිපතිවරයාත් මේකට වගකියන්න ඔන ඔයගොල්ලත් ණය අරගෙන තියෙනවා.

හැබැයි ඒකට මේ රට විකුණන්නේ නැතිව, පෞද්ගලිකකරණය කරන්නේ නැතිව කොහොමද මේ ණය ගෙවන්නේ.අපිට ජාතික ආර්ථික ප්‍රථිපත්තියක් නෑ,

 රටේ තියෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන, උත්පාදන ආර්ථිකයක් මේ රටේ ගොඩනගලා නෑ, හැමෝම රටින් කන්න තමයි බලාපොරොත්තු වුණේ, 

මේ වැව් අමුණු ටික ප්‍රථිසංස්කරණය කරලා, මිනිස්සුන්ට වතුර ටික දීලා ඒ මිනිස්සුන්ට නිසි කළට, වේලාවට තෙල් පොහොර ටික ලබා දීලා, මේ ප්‍රද‌ේශය කෘෂිකාර්මික ප්‍රදේශයක් අද පොහොර මිටියක් රුපියල් 50 000 යි, කොහොමද අහිංසක, අසරණ මිනිහෙක්, ගොවිතැන කරන්නේ.

මේවා කල්පනා කරන්න බැරි දේශපාලඥයෝ මොකටද මේ රට භාර ගන්නේ.ඒ නිසා මේ දේශපාලඥයින්ට තියෙන සියලු වරප්‍රසාද අහෝසි කලොත් මේ රට ණය වෙලා තියෙන විදේශ ණය වලින් දෙකෙන් පංගුවක් ගෙවන්න පුලුවන්, මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා, 

මේ රටේ කරන්න ඔ්න එකම වැඩේ, නැවත ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම මේ රටට ගැලනෙ ආකාරයට, අනාගත දරුවන්ට ප්‍රයෝජනවත් වෙන ආකාරයට, ජාතික ප්‍රථිපත්ති ටික හදලා, ඔය සමහරක් දේශපාලඥයින්ට භය ඇයි, හේතුව තමයි 

ඒ ගොල්ල බලයට ආවොත් එහෙම හොරකම් කරපු නිළධාරීන්, තක්කඩි දේශපාලඥයෝ ඔය කොමිස් ගත්ත එවුන් ඔක්කොම හිරේ දානවා.මේ ගොල්ල ඔක්ක‌ොම භයයි.ඇත්ත කථාව ඔ්ක, ඔය දේශපාලඥයෝ කවුරුවත් දන්නේ නෑනේ බිම් මට්ටමේ ජනතාවගේ අදහස, 

අපි ජනතාවත් එක්ක බිම් මට්ටමේ ඉන්නවා.ජනතාව කියන දෙයක් තමයි අපි ඒ පැත්තට තමයි ඡන්දේ දෙන්නේ මේ සැරේ, ඇයි ඒ මිනිස්සු ඉන්නේ වෛරයෙන්, ඔය පිළිගත් දේශපාලන පක්ෂ විවිධ සන්ධාන ගහලා එක පැත්තකට ඇවිත් නැවතත් මුංගේ බලය තහවුරු කර ගන්න ක්‍රමවේදයක් සකස් කර ගෙන යනවා කියලා මට පේනවා.

උතුරු ජනතාවට 13 දිය යුතුයි, උතුරේ ජනතාව හොඳට ගොවිතැන් කරනවා, අපිට යාපනයේ තියෙන රතු ළූණූ ගෙඩියක් මෙහේ නිෂ්පාදනය කරන්න බෑ, 

හැබැයි ඉඩම් බලතල හා පොලිස් බලතල දෙන්නේ නැතිව, අනෙකුත් සියලු දේ දිය යුතුයි.ඔය එක එක්කෙනා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න තමයි ජනාධිපතිවරයා ගිහින් එකක් කියලා එනවා, විපක්ෂ නායකවරයා ගිහින් තවත් එකක් කියලා එනවා, 

මේ ඔක්කෝම කරන්නේ මිනිස්සු රවට්ටන එක, ඒ නිසා ප්‍රසිද්ධියේ කියන්න ඔ්න 13 දීලා, පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්නේ නැතිව ඒ මිනිස්සුත් මෙහෙට ගෙනත්, මෙහෙ මිනිස්සු එහෙට ගිහින් ඒ ගොල්ලන්ගෙන් ඉගෙනගත යුතු දෑ ගොඩක් තියෙනවා.

ඒ ගොල්ලන්ගේ භූමි ප්‍රමාණය බොහෝම සීමා සහිතයි, නමුත් ඒ ගොල්ලන්ගෙන් ගත යුතු දෑ බොහෝයි.ඒ සහෝදරත්වය තහවුරු කර ගෙන වැඩකටයුතු කරනවා නම් ගැටලුවක් මතු වෙන්නේ නෑ, දේශපාලඥයෝ කරන්නේ මැතිවරණ කාළයට මිනිස්සු රවට්ටනවා මම ජනතාවගෙන් ඉල්ලනවා මේ සැරේ බත් බුලත් කණ එවුන් නම් රැවටෙන්න එපා කියලා.

ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය ඇතුවත් බෑ, නැතුවත් බෑ, විධායක ජනාධිපති ක්‍රමය ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා, 

30 අවුරුදු යුද්ධය තියෙන කොට විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් එහෙම මේ සියල්ලම ඉවරයි.ඒ විධායක ජනාධිපති ක්‍රමය අනවශ්‍යය දේවල් වලට පාවිච්චි කරන්නේ නැතිව විධායක ජනාධිපති ක්‍රමය වැදගත් දේට, අවශ්‍යය දේට පමණක් පාවිච්චි කරන්න ඒක අහෝසි කරන එක නම් මම හිතන්නේ ඒක ඒ තරම් කාලෝචිත නෑ "