2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත බව රැක ගනිමින් සුපිරි 08 දෙනාගේ වටයට ප්‍රවේශ වීමට සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා.
ඒ, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟයේදී මෙතෙක් අපරාජිතව සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 104කින් පරාජය කරමින්.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා.
විශිෂ්ට පිති හරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 53කදී ලකුණු 98ක් රැස් කළා.
ඒ, හතරේ පහර 06ක් සහ හයේ පහර 08ක් සමගින්. ජොන්සන් චාර්ල්ස් පන්දු 27කදී ලකුණු 43යි.
පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් ලකුණු 14කට කඩුලු 02ක් දවා ගත්තා.
ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූණේ ලකුණු 114ක් පමණයි.
ඊබ්‍රාහීම් සද්‍රාන් පන්දු 28කදී ලකුණු 38ක් රැස් කළා.
පන්දු යැවීමේදී ඔබෙට් මැකෝයි ලකුණු 14කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.
තරඟයේ වීරයා ලෙස නිකලස් පූරන් සම්මාන හිමි කර ගත්තා.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරඟය දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.