මෝටර් රථයක් ගැටී පිපිරීමට ලක්ව තිබූ කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයේ පිලිසකර කිරීම් කටයුතු අවසන් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම නළ මාර්ගය ඔස්සේ ජලය සැපයීම මේ වන විට සිදු වන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
මේ වන විට අදාළ නළ මාර්ග ඔස්සේ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතත් ඉහළ ජල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් හෝමාගම, ගොඩගම ඇතුළු ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් සාමාන්‍ය පරිදි ජලය නොලැබෙන බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පාරිසරික හා සමාජීය, අනෝජා කළුආරච්චි මෙලෙස අදහස් පළ කළා.