Sunday, April 20, 2025

General line - 0115112241

හැට නව ලක්ෂයේ බලාපොරොත්තු බලගන්වන බවට සර්වජන බලය පළමු රැළියේදී පොරොන්දුවක්



දේශප්‍රේමී ජනතාවගේ බලාපොරොත්තු පරාජය වීමට ඉඩ නොතබන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

‘69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම’ යන තේමාව ඔස්සේ නුගේගොඩදී අද පැවති සර්වජන බලය දේශපාලන සංවිධානයේ පළමු රැළියට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.


පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද එහිදී අදහස් පළ කළා.


මෙම ජන රැළියට තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහ සංවිධාන කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද එක්ව සිටියා.