Saturday, April 19, 2025

General line - 0115112241

නෙත් මාධ්‍ය ශක්තියෙන් රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව අද සිට



නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව අද ආරම්භ වනවා.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සහ පොසොන් පොහෝදා ශ්වේත පූජා පිංකම් මාලාව මෙවර පැවැත්වෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදීයි.

අද සිට ආරම්භ වන එම පිංකම් මාලාව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.