වවුනියාව, මැදවච්චිය හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10යි 55ත් 11යි 10ත් අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 2යි දශම 3ක් ලෙස බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ.
මෙම භූ කම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.