Thursday, February 27, 2025

General line - 0115112241

වවුනියාවේ භූ කම්පනයක් - කොළඹත් සෙළවෙයි



වවුනියාව, මැදවච්චිය හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ රාත්‍රී 10යි 55ත් 11යි 10ත් අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය හට ගත් බවයි. 


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය කොළඹ ප්‍රදේශයටද දැනී ඇති බවයි.


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් ද විමසීමක් කළා.

එම කාර්යංශය පැවසුවේ එය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල ද භූ කම්පනයක් ලෙස සටහන් වී ඇති බවයි.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 2යි දශම 3ක් ලෙසයි.