Thursday, February 27, 2025

General line - 0115112241

වැටුප් ගැටලුව රැගෙන ගුරුවරු යළි මහ පාරට



වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් ලබන 26 වනදා යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. 


අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ වර්තමාන තත්ත්වය හඳුනානොගෙන ඇතැම් වෘත්තීය සමිති සාම්ප්‍රදායික සටන් පාඨ ගෙනහැර දක්වමින් විරෝධතාවල නිරත වන බවයි. 


මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීස සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.