Saturday, March 29, 2025

General line - 0115112241

ගංජා වගා කරන්න සියල්ල සුදානම් බව රාජ්‍ය අමාත්‍ය සිසිර කියයි



ඖෂධීය නිෂ්පාදනයක් ලෙස අපනයනය කිරීමේ අරමුණෙන් ගංජා වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

මෙලෙස වගා කරන ගංජා සමාජගත වීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


මේ අතර දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු 607ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.