පලතුරු හා එළවළුවල පසුඅස්වනු හානිය සියයට 25ක් දක්වා අවම කර ගැනීමට හැකි වී ඇති බව පසුඅස්වනු තාක්ෂණික ආයතනය පවසනවා.
එළවළු හා පලතුරු පසුඅස්වනු හානිය මීට පෙර සියයට 40ක මට්ටමක පැවැති බවයි එම ආයතනය පැවසුවේ.
අස්වනු නෙලීමේදී නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහණයේදී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේදී හානි අවම වන අන්දමින් කටයුතු කිරීම පසු අස්වනු හානිය අවම කර ගැනීමට හේතු වී තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා.