විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සම්මේලනය විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගලහා මංසන්ධියේ ඔවුන් එලෙස සත්‍යග්‍රහයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපති ප්‍රියන්ත වීරසූරිය එහිදී කියා සිටියේ සිය ගැටළු සඳහා විසඳුම් ලබා දෙන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩවම සිදුකරන බවයි.
වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 48 ක් ගත වනවා.