ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය අදාළ නඩුව නැවත ජූලි මස 03 වනදා කැඳවන ලෙස නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරයා වශයෙන් නම් කරමින් අද දින දහවල් 2යි 30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවා තිබුණා.