මහබැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම සිදු නොකළ යුතුව තිබූ බව එම නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පෙන්වා දී තිබෙනවා.
අදාළ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් පත් කර අදහස් විමසන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පත් කළ එම කමිටුව විසින් සකස් කළ වාර්තාව රජයේ මුදල් කාරක සභාව වෙත භාරදී ඇති බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ.
මේ ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
මහබැංකු නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙහිදී ප්‍රශ්න කර සිටියා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනය තුළ අදහස් පළ කළා.
ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.