ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පත් කර තිබෙනවා.
එමෙන්ම එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාරේලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත් කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ.
එම පක්ෂ විධායක සභාව රැස්වී මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය අදාළ නඩුව නැවත ජූලි මස 03 වනදා කැඳවන ලෙස නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.