Thursday, February 27, 2025

General line - 0115112241

සජබයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



ඉදිරි මැතිවරණ කාලසීමාවේදී ආරක්ෂක ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු සඳහා ස්වාධීන පුද්ගලයින් පත් කරන්නැයි සමගි ජනබලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා.

සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි එම ඉල්ලීම සිදු කළා.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

මැතිවරණයට ඇති බිය හේතුවෙන් විපක්ෂයට එරෙහි ප්‍රකාශ සිදු කරන බවයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද දිනයේද ප්‍රකාශ කළා.

ඒ, පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය.