Thursday, February 27, 2025

General line - 0115112241

 හිරුණිකාට එරෙහි නඩුවක තීන්දුව ලබන 28වනදා ප්‍රකාශයට

උදය කුමාර



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක තීන්දුව ලබන 28 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා.

ඒ, 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් හිරිහැර සිදු කිරීමේ චෝදනාවට අදාළවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන දිනය එලෙස නිවේදනය කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.