Thursday, February 27, 2025

General line - 0115112241

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ දෙවන දිනය අද



නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි.

තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් පෝළිම්වල රැඳී සිටියා. 

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සහ පොසොන් පොහෝදා ශ්වේත පූජා පිංකම් මාලාව මෙවර පැවැත්වෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදීයි.

එමෙන්ම, ත්‍රිකුණාමලය පුල්මුඩේ අරිසිමල ආරණ්‍ය සේනාසනය නොහොත් ආසිරිකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිවන තපස්සු භල්ලුක සෑයේ ආගමික වතාවත් කිහිපයක් ලබන 25 සහ 26 යන දෙදින පැවැත්වෙනවා. 

එම සෑයේ ධාතු නිධානය, කොත පැළැන්දවීම, කොත නිරාවරණය ඇතුළු පිංකම් කිහිපයක්ම පැවැත්වෙන බවයි අරිසිමල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නා හිමියන් පැවසුවේ.