බදු අභියාචනා ක්‍රමවේදය හේතුවෙන් විවිධ සමාගම් අභියාචනා ඉදිරිපත් කරමින් ගෙවීම ප්‍රමාද කර ඇති සමස්ත බදු ප්‍රමාණය රුපියල් බිලියන 950ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවේ මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවයි.
මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේද රැස්වීමට නියමිතයි.
එහි සජීවි දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.