Thursday, February 27, 2025

General line - 0115112241

අමෙරිකාවෙන් තියුණු සටනක් - දකුණු අප්‍රිකාව සුපර් එයිට් පළමු ජය ලබයි



පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු ජය ලැබීමට දකුණු අප්‍රිකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අමෙරිකාවට එරෙහිව ලකුණු 18ක ජයක් වාර්තා කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 20දී ලකුණු 194ක් රැස් කළා.

එහෙත් අමෙරිකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 176ක් පමණයි.