Thursday, February 27, 2025

General line - 0115112241

69 ලක්ෂය රැකගන්න පොහොට්ටුවෙන් වැඩක්



සිය පක්ෂයේ ඡන්ද පදනම රැක ගත හැකි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

‘69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම’ යන තේමාව ඔස්සේ සර්වජන බලය දේශපාලන සංවිධානයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු නොවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ කොවිඩ් වසංගතය බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මෙහිදී කියා සිටියා.