Thursday, February 27, 2025

General line - 0115112241

ගවයින් දෙදෙනෙකු බේරන්න ගොස් සීනි ලොරියක් පෙරළෙයි - අයෙකු මරුට

ජයන්ත වීරසේකර-ජූඩ් සමන්ත



වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේ දී සීනි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මාර්ගය හරහා මාරු වෙමින් සිටි ගවයෙකු බේරාගැනීමට රියදුරු උත්සාහ දැරිමේදී ලොරි රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මාර්ගය හරහා දිව ගිය ගවයෙකු බේරීමට උත්සාහ කළ ත්‍රි රෝද රථයක්ද අනතුරට ලක්වූ පුවතක් වාර්තා වනවා. අනතුර සිදුව ඇත්තේ හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම දේවාලය ආසන්නයේදීයි.

අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිටි අයෙකු ඉන් බිමට වැටීමෙන් තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සදහා රෝහල් ගත කර සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි හලාවත පොලීසිය පැවසුවේ.