Thursday, February 27, 2025

General line - 0115112241

ජනපති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්



දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අද දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමද සිදුව තිබෙනවා.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද සිදු කෙරුණා.