විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 715ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 701 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
ඒ අතරින් සැකකරුවන් 21 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමටත්, සැකකරුවන් 11 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි.
එම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 460ක් සිදුකර තිබෙනවා.
එහිදී සැකකරුවන් 454 දෙනෙකු සහ සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 105ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක් සහ ගංජා ග්‍රෑම් 189ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.