Thursday, February 27, 2025

General line - 0115112241

වර්ජිනියා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සහයෝගිතා ගිවිසුමක්



වර්ජිනියා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාධිපති කාර්යාලයේ සහ කොළඹ සැලැස්ම මඟින් ඒකාබද්ධව ක්‍රියාවට නංවනු ලබන “වරාය හා සමුද්‍රීය ප්‍රවීණතා සංවර්ධන වැඩසටහන” යටතේ වරායන් දෙක අතර ප්‍රවීණතාව හුවමාරු කර ගැනීමේ සහයෝගීතාව සඳහා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළව තිබුණා.

යෝජිත සහයෝගිතා ගිවිසුමට එළඹීම මඟින් දෙපාර්ශවයේ විධායක කාර්ය මණ්ඩලයේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරෙනවා.