පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්.
ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන.
මේ අතර ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පෙර මුද්‍රිත පොලි කාබනේට් කාඩ්පත් ලක්ෂ 23ක් පෙර සැපයුම්කරුගෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ් පත් මිලියන 5ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට පසුගිය මැයි මස 06වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.
ඒ, අදාළ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සාලකිල්ලට ගෙනයි.
ඒ අනුව නව ප්‍රසම්පාදනයක් ක්‍රියාත්මක කර සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගන්නා තෙක් අවශ්‍ය කාඩ්පත් ප්‍රමාණය පෙර සැපයුම්කරුගෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.