සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 06 දෙනෙකු සහ තවත් සැකකරුවන් 20 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණ වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම් වලදීයි.
කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස මඟින් එම වැටලීම් ක්‍රියාත්මක කර තිබෙනවා.