පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි විහාරස්ථාන 11,000කට අධික සංඛ්‍යාවක අද දිනය තුළ විවිධ පිංකම් සංවිධාන කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම වැඩසටහන් සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරාක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 20,000ක් පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.
මේ අතර මෙවර පොසොන් සතිය තුළ අවම වශයෙන් මිලියනයකට අධික සැදැහැවතුන් පිරිසක් අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු සිද්ධස්ථාන වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එලෙස පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි පොසොන් කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ.