Sunday, March 30, 2025

General line - 0115112241

දන්සල් සංවිධායකයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම් දීමක්



පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ආහාර ගබඩා කිරීම හා ආහාර පිළියෙල කිරීමේදී වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි.

දන්සැල් සංවිධානය කිරීමේදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා දන්සැල් සංවිධායකවරුන්ට දැනුම් දෙන්නේ.