Saturday, May 10, 2025

General line - 0115112241

පොසොන් පොහොය වෙනුවෙන් රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව



පොසොන් පුර පසලොස්සවක පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එලෙස විශේෂ රාජ්‍ය සමාව ලබාදී තිබෙනවා.

ඒ අනුව සිරකරුවන් 289 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණී දිසානායක පැවසූවේ.

මේ අතර පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීමට අද විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා.