Sunday, March 30, 2025

General line - 0115112241

සැදැහැවතුන්ගේ සාධු නාද මැද නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සාර්ථකව අවසන් - තිස්සමහාරාම රුහුණු පොසොන් මහා පෙරහැර වීදි සංචාරයට සියල්ල සූදානම්



ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරුණු නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සැදැහැවතුන්ගේ සාධු නාද මැද අද පස්වරුවේ සාර්ථකව නිමාවට පත්වුණා.

දින තුනක් පුරා පැවති එම විහාරස්ථානයේ තැන්පත් කළ සර්වඥ ධාතු වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමට දකුණු ලක මෙන්ම දුර බැහැර ප්‍රදේශවල සැදැහැවතුන් ද පැමිණ සිටියා. 

මේ අතර රුහුණු පොසොන් මහා පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බවයි තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන් පැවසුවේ.


මේ අතර තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පැවැත්වෙන තේ දන්සල අද රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි. එම දන්සල පවත්වනු ලබන්නේ මාතර සමූපාකාරය යටතේ නිෂ්පාදනය වන කෝප් ටී වෙළඳ නාමය යටතේයි.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලක්නාත් වීරරත්න.