ද්විත්ව පුරවැසියන් මැතිවරණ සඳහා ඉල්ලීම වලක්වා ගැනීමට දේශපාලන පක්ෂවලට හැකියාව පවතින බව නීතිවේදීන් පවසනවා.
ඒ අනුව පක්ෂ විසින් සකස් කරනු ලබන නාම යෝජනා ලේඛනවලට අපේක්ෂකයන්ගේ නම් ඇතුලත් කිරීමේදී ද්විත්ව පුරවැසි භාවය හිමිදැයි ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට වගකීමක් ඇති බවයි ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය, ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද නීතීඥ ප්‍රතිභා මහානාම හේවා වැඩිදුරටත් පැවසුවා.