Sunday, March 30, 2025

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නාමල්ගෙන් සැර ප්‍රකාශයක්



තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කල හැකි අයකු පමණක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ සිය පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමඟ කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

සිය පක්ෂය සමඟ එක්ව ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයා සමඟ සිටින පොහොට්ටුවේ පිරිසට  පක්ෂය අතහැර යා හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් පක්ෂ රැසක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ.