Friday, February 28, 2025

General line - 0115112241

බලපෑම් හමුවේ තම වැඩපිළිවෙල නතර නොකරන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්



‘සක්වල’ හා ‘හුස්ම’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කිරීමේ අරමුණින් ඇතැම් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී තමන්ව විවේචනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුමන බලපෑම් එල්ල වුවත් තමන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර නොකරන බවයි කුරුණෑගල ප්‍රදේශයේ පාසලක පැවති සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.