Friday, February 28, 2025

General line - 0115112241

රත්තරන් තොගයක් සමඟ මවුලවිවරයෙකු සහ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ මවුලවිවරයෙකු සහ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මක්කම වන්දනාවේ ගොස්, ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මඩකලපුව සහ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි මවුලවිවරයෙක් සහ කාන්තාවක්.

සැකකරුවන්ගේ ගමන් මලු තුළ සගවා තිබූ ග්‍රෑම් 859 ක් බරැති  කැරට් 24 සහ 22 වර්ගයේ ස්වර්ණාභරණ තොගයක් අත්අඩංගුවට ගත් බවයි කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.