හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කල සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුවියගේ පෙම්වතා ඇතුළු තරුණයන් 08 දෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.
අදාළ තරුණිය සිය පෙම්වතා හමුවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී පෙම්වතාගේ මිතුරන් කිහිපදෙනෙකු යතුරුපැදි තුනකින් පැමිණ අදාළ පාසල් සිසුවිය බලහත්කාරයෙන් රැගෙන ගොස් එලෙස සමූහ දූෂණයට ලක්කර තිබෙන බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ත් 21ත් වයස්වල පසුවන කඩුවල, නවගමුව ප්‍රදේශවල පදිංචි තරුණයන් 08 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.
අදාළ පාසල් සිසුවිය දූෂණය කිරීමෙන් අනතුරුව එම තරුණයින් විසින් ඇය යාබද ප්‍රධාන මාර්ගයකට රැගෙන විත් දමා තිබෙන අතර පසුව එම ස්ථානයෙන් ගිය පොලිස් නිලධාරියෙකු එම සිසුවිය පිළිබඳ සැක සිතී තොරතුරු විමසීමේදී ඇය සිද්ධිය පොලීසියට පවසා තිබෙනවා.
පසුව සිසුවිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවයි හංවැල්ල, ඇල්ල පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.