Friday, February 28, 2025

General line - 0115112241

පාසල් සිසුවිය අපයෝජනය කළ තරුණයන් 08 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර



හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කල සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුවියගේ පෙම්වතා ඇතුළු තරුණයන් 08 දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබෙනවා.

ඒ, ඔවුන් අද හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳිගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි. 

අදාළ තරුණිය සිය පෙම්වතා හමුවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී පෙම්වතාගේ මිතුරන් කිහිපදෙනෙකු යතුරුපැදි තුනකින් පැමිණ අදාළ පාසල් සිසුවිය බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඇති බවටයි  පොලීසිය පැවසුවේ.

අදාළ තරුණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිද්ධියට අදාළව තරුණයන් 08 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ තරුණයන් අවුරුදු 18ත් 21ත් වයස්වල පසුවන කඩුවල, නවගමුව ප්‍රදේශවල පදිංචි තරුණයන් බවයි පොලිසිය පැවසුවේ.