Thursday, April 25, 2024

General line - 0115112241

පැයට 2500ක් අරන් සම්බාහනයට වඩා වැඩි දෙයක් කළ තැනකට පොලිසිය කළ දේ…




මහරගම පිළියන්දල පාරේ මාසයකට රුපියල් ලක්ෂයක කුලියකට ගත් නිවසක පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී අවුරුදු 22 ත් 36 අතර තරුණියන් පස් දෙනකු හා එහි කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පැය බාගයකට රුපියල් 2500ක ගාස්තුවක් මෙහි අය කරන බවත්, සම්බාහනයට වැඩි දෙයක් සිදුවී ඇති බවටත් ලැබුණු පැමිණිලි ගැන සොයා බලන බව ද පොලිසිය පවසනවා.

එමෙන්ම, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වැල්ලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් ගණිකා මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබෙනවා. පොලීසිය පැවසුවේ එහි සිටි කාන්තාවන් සිවු දෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 24, 27 සහ 33 යන වයස් සීමාවල පසුවන්නියන් බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුනු සැකකරු සහ කාන්තාවන් සිවුදෙනා අලූත්කඬේ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.