Saturday, April 19, 2025

General line - 0115112241

කොටවෙහෙරගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 20ක් විනාශ වෙයි

ජයන්ත වීරසේකර



වැල්ලවාය, වරුණගම, කොටවෙහෙරගල කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර විස්සකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

එම ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් එම රක්ෂිතයේ හටගත් ගින්න ඊයේ රාත්‍රී කාලය දක්වා ව්‍යාප්ත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් වනසංරක්ෂණ නිලධාරීන්, වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කර තිබෙනවා.

කිසියම් පුද්ගලයකු විසින් එම රක්ෂිතයට ගිනි තබා ඇති බවට සැකකරන අතර සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.