Friday, February 28, 2025

General line - 0115112241

ඩ්‍රෝන තාක්ෂණයෙන් ගංජා හේන් දෙකක් වටලයි



ඩ්‍රෝන් කැමරා තාක්ෂණය උපයෝගී කර ගනිමින් යාල වනෝද්‍යානයේ  ඉතා සූක්ෂම ලෙස වගා කරන ලද ගංජා හේන් දෙකක් වටලා තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එහිදී ගංජා වගා කළ පර්චස් 35ක සහ පර්චස් 25ක පමණ ගංජා හේන් දෙකක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කතරගම පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.