Friday, February 28, 2025

General line - 0115112241

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි 



වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් අද දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදීයි.

ජනාධිපති කාර්යාලයේදී ඔහු එලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එස්. වියාලේන්ද්‍රන් මීට පෙරද වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය  එස්. වියාලේන්ද්‍රන්ගේ නිවසේ පැවති හමුවකට පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.

ඒ, ජනාධිපතිවරයාගේ මඩකලපු සංචාරය අතරතුරදීයි.

එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත වුණා.