Friday, February 28, 2025

General line - 0115112241

ගෝනපිනුවල මනුෂ්‍ය ඝාතනයක්



ගෝනපිනුවල, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අලුත්වල, සාමගම ප්‍රදේශයේ වයස අවුරුදු 70ක් වූ කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බවයි.

අවිවාහක කාන්තාවක් වන ඇය සිය සහෝදරයාගේ පුත්‍රයා සමඟ වසර කිහිපයක සිට පදිංචිව සිට තිබෙනවා.

මෙම ඝාතනය එම පුත්‍රයා විසින් සිදුකර ඇති බවට සැකකෙරෙනවා.

මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනපිනුවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.