Friday, February 28, 2025

General line - 0115112241

හංවැල්ලේ ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කළ සැකකරුවන් රිමාන්ඩ්



හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් අටදෙනා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන වෙත සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ශිෂ්‍යාව දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, ඇතුළු චෝදනා හතරක් යටතේ එම සැකකරුවන්ට එරෙහිව හංවැල්ල පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා.