ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26වනදා රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.
මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ ද මාධ්‍ය හමු කිහිපයකදී තවදුරටත් අදහස් පළවුණා.
මේ, පිවිතුරු හෙළ උරුමය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.
කෙසේවෙතත් අමාත්‍ය මනූෂ නානායක්කාර මොණරාගලදී ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 75ක් ලබා ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජය ගන්නා බවයි සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.