Friday, February 28, 2025

General line - 0115112241

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්



ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර තිබෙනවා.

ඒ, මෙරට  ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහායි.

මෙම වැඩසටහන මගින් ප්‍රාදේශීය ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

ලෝක බැංකුවේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් සහ මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර තිබෙනවා.