බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනය තුළ මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා මේ දිනවල පවතින සුළං තත්ත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ලබන 27 වනදායින් පසු ප්‍රමාණාත්මකව අඩු වනු ඇති බවද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක වැඩිදුරටත් සඳහන් කළා.