Friday, February 28, 2025

General line - 0115112241

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට නව වැඩසටහනක්



පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මගින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.