Monday, March 31, 2025

General line - 0115112241

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව පුළුල් කෙරේ



කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව අද සිට පුළුල් කර තිබෙනවා.    

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1යි දශම 3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල අද පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ දී විවෘත කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළට කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබා දී තිබෙනවා.

මෙරටට ආනයනය කරන පැළෑටි මගින් යම් යම් රෝග මෙන්ම පළිබෝධකයින් රට තුළට ඇතුළුවීම වළක්වා ගැනීම පැළෑටි නිරෝධායන සේවාව මගින් සිදු වනවා.