Monday, March 31, 2025

General line - 0115112241

සා පෙළ සහ ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර සමීක්ෂණ දීමනා ඉහළ දැමීමට නිර්දේශ



අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.      

ඒ අනුව එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේ.

එම නිවේදනයට අනුව ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ මොඩියුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.